කථකලී නර්තන සම්ප‍්‍රදාය
යම්කිසි කතා ප‍්‍රවෘත්තියක් අභිනයෙන් හා නෘත්‍ය ලීලාවන්ගෙන් ඉදිරිපත් කිරීම කථකලී නම් වේ. රාමායණය, මහාභාරතය, භගවත්ගීතාව ග‍්‍රන්ථවල එන කතා පුවත් මෙහි ර`ග දැක්වේ. දේව විශ්වාස පදනම් වූ මෙම නර්තන සම්ප‍්‍රදාය ආගමික පුද පූජා ,ගැමි නැටුම් ,ගැමි නාටක ආශ‍්‍රයෙන් බිහි වී ඇත.
කථකලී නර්තන සම්ප‍්‍රදාය ප‍්‍රචලිත ප‍්‍රදේශ
- දක්ෂිණ භාරතයෙහි කේරළ (මෙහි නිජබිම )
- ප‍්‍රාන්තය යි.
- චෙරුතුරුණි,
- ගුරුවායුර්,
- කොචින්,
- ති‍්‍රවැන්ද්‍රම්
ආදි ප‍්‍රදේශවල කථකලි ප‍්‍රචලිත ව පවතී.
භගවතී පිදීම, දුර්ගා ඇදහීම යනාදි දේව විශ්වාසයන් හා බැඳි චකියාර්කුත්තු, ප‍්‍රබන්ධ ම්කුත්තු, කුඩියාට්ටම් වැනි පැරණි නෘත්‍ය නාටක විශේෂ කථකලියෙහි ආරම්භයට පාදක විය. මෙහි මූලිකත්වය ගෙන කි‍්‍රයා කළේ එහි විසූ චකියාර්වරුන් නැමැති බ‍්‍රාහ්මණයන් වීම විශේෂත්වයකි. චකියාර්වරුන් දේව පූජා උත්සවවල දී සමූහ වශයෙන් ඉදිරිපත් කළ නර්තන කුඩි ආට්ටම් (කුඩියාට්ටම් වූ අතර ඒක පුද්ගල නර්තන චකියාර් කුථු නම් විය. මෙම නැටුම් වීර කතා හා දේව කතා ආශි‍්‍රත ව ගොඩනැඟිණි. එම නිසා මේවා තාණ්ඩව නෘත්‍යයන්ගෙන්ස මන්විත විය. ස්තී‍්‍ර චරිත ද පිරිමින් විසින් ඉදිරිපත් කරන ලද අතර එය කුම්මි ආට්ටම් නම් විය.
16 වන සියවසේ කේරළයේ විසූ කොට්ඨාරක්කරයේ තාම්පුරම් ප‍්‍රාදේශික රජු ශී‍්‍ර රාමයන්ගේ චරිතය අළලා නාට්‍ය අටක් නිර්මාණය කරන ලදි. එය රාමාට්ටම් නම් විය. කැලිකට්හි සැමොරින් රජු ශ‍්‍රී ක‍්‍රිෂ්ණාගේ චරිතය ඇසුරින් කි‍්‍රෂ්ණාට්ටම් නිර්මාණය කළේ ය. රාමාට්ටම් අභිබවා කි‍්‍රෂ්ණාට්ටම් ප‍්‍රසිද්ධ වූයෙන් රාමාට්ටම් නැවත සකස් කොට ඉදිරිපත් කෙරිණි. රාමාට්ටම් හා කි‍්‍රෂ්ණාට්ටම් යන ගැමි නාටක හා චක්කියර් කුථු හා කුඩි ආට්ටම් වැනි ගැමි නැටුම්වල ආභාසය ලබමින් මහාකවි වල්ලතෝල් නාරායනමෙනන් විසින් කථකලි නර්තන සම්ප‍්‍රදායය නිර්මාණය කරන ලදි. ඔහු 1930 දී කේරළ කලා මණ්ඩලම් නම් කථකලි උගන්වන ආයතනය පිහිටුවා කථකලි නර්තනය ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ ය.
කේරළ කලා මණ්ඩලය
කථකලි නර්තනයේ ප‍්‍රවීණයන් ලෙස කි‍්‍රෂ්ණන් නායර්, කුංජු නායර් ආදීන් හැඳින්විය හැකි අතර, උදය ශංකර්, රාම්ගෝපාල් වැනි ශිල්පීහු වර්තමාන වේදිකාවට ගැළපෙන සේ කථකලි නර්තනය සකස් කළ අය වෙති.
සංගීතය හා වාද්‍ය භාණ්ඩ
දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතය යොදා ගනී. ගීත ගායනය කෙරෙනුයේ සංස්කෘත හා මලයාලම් භාෂාවෙනි. මෙහි ගායකයෝ දෙදෙනෙකි.
- ගායක කණ්ඩායමේ ප‍්‍රධානයා - පොන්නානි
- සහාය ගායකයා - සිංකිඩි
චෙන්ඩාව හා මද්දලය ප‍්‍රධාන වාද්‍ය භාණ්ඩ වේ. ඊට අමතරව චෙන්ගිලම්, ඉලතාලම්, එඩැක්ක,කුම්භූ යන වාද්‍ය භාණ්ඩ ද වාදනය සඳහා යොදා ගැනේ.
චෙන්ඩාව
දවුලේ හැඩයට සමාන ය.මුහුණතක් උඩ පැත්තට සිටින ලෙස තබා කෝටු දෙකකින් වාදනය කරයි.
එක් අතකින් සහ කෝටුවකින් වාදනය කරන අවස්ථා ද ඇත.
චෙන්ගිලම්
විශාල ප‍්‍රමාණයේ පිත්තල තලියකි. ගායක කණ්ඩායමේ ප‍්‍රධානයා විසින් අතේ එල්ලා ගෙන කෝටුවකින් වාදනය කරයි.
ඉලතාලම්
දේශීය තාලපටට වඩා තරමක් විශාල තාලම්පටකි. සිංකිඩි විසින් වාදනය කරනු ලැබේ.
එඩැක්ක
උඩැක්කියේ ආකෘතිය සහිත වාද්‍ය භාණ්ඩයකි. කරේ එල්ලා ගෙන කෝටුවකින් වාදනය කෙරේ.
කුම්භූ
- කථකලී නර්තනයේ මූලික අභ්‍යාස කච්චකෙට්ට නමින් හැ`දින්වේ.
කථකලි සන්දර්ශනයක්
- වාදන අංග- කේලිකුත්තු, මද්දලකෙලි
- නර්තන අංග- තෝඩායම්, පුරප්පාඩි
- ගායන අංග - මේලප්පදම්
යන අංගයන් ගෙන් සමන්විත වෙයි. භගවද්ගීතාව, රාමායණය වැනි කාව්‍ය ග‍්‍රන්ථවල එන කථා ප‍්‍රවෘත්ති ගායකයන් විසින් ඉදිරිපත් කරනු ලබන අතර, නර්තන ශිල්පීහු හස්ත මුද්‍රා හා අභිනය යොදා ගෙන ගායනයෙහි අදහස නැටුමෙන් නිරූපණය කරති.
වේෂ නිරූපණය හා රංග වස්ත‍්‍රාභරණ
කථකලි ආහාර්ය අභිනයෙන් පොහොසත් නර්තන සම්ප‍්‍රදායයකි. චරිතවලට අනුව ඉතා විචිත‍්‍රවත් අයුරින් සැකසුණු රංග වස්ත‍්‍රාභරණ හා ඊට ම ගැළපෙන සංකීර්ණ වේෂ නිරූපණ භාවිත වෙයි. වේෂ නිරූපණ ශිල්පියා පත්තුකාරන් ලෙස හැඳින්වේ.
මෙහි වේෂනිරූපණ ක‍්‍රම 6 කි.
1.මිනික්කු : කථකලිහි සාමාන්‍ය වේෂ නිරූපණ ක‍්‍රමය යි.
2.පච්චා : කොළ පැහැය වැඩි වශයෙන් භාවිත කරයි.
3.කත්තී : නාසයේ උඩ කෙළවරේ සිට නළල දෙසට තියුණු වක ගැසුණු පිහියක ස්වරූපයක් ගනී.
4.තාඩි : රැුවුළ යන අරුත් දෙයි. සුදු, කළු, රතු රැුවුළ භාවිත වෙයි.
5.කාරී : හාස්‍යෝත්පාද ගණයට අයත් චරිත සඳහා මෙම ක‍්‍රමය යොදා ගැනේ.
6.ඩෙප්පු : නර්තන ශිල්පියා විසින් කරනු ලබන මූලික අංග රචනය යි.
රංග වස්ත‍්‍රාභරණ :
- කිරීටම් - හිස් ඔටුන්න ( කිරීටම් වර්ග 3කි.)
- කළුතාරම් - කරට පලඳින මාල
- කුප්පායම් - උඩුකයට අඳිනු ලබන අත්දිග හැට්ටය
- උත්තරීයම් - කරවටා ඉණ දක්වා එල්ලා ඇති සුදු හා රතු පටි අඟට රවුම් කණ්ණාඩියක් සවි කොට ඇත.
- ඥෝරී - යටිකයට අඳින විශාල රෙද්දකි. මෙය උඩරට නැටුමේ හඟල මෙනි.
0 Comments