Recents in Beach

ශ්‍රී ලාංකීය දරුවන්ගේ අධ්‍යාපනයට නව අත්වැලක් සැපයීම අපේ මූලික අරමුණවෙයි

8 ශ්‍රේණිය - සංගීතය - "සංගීතය ඉගෙන ගන්න කවුද අකමැති"

පෙරදිග සංගීතය

8 ශ්‍රේණිය

ඉදිරිපත් කිරීම: බ/කටුගහ ශ්‍රී ධර්මාලංකාර විද්‍යාලයේ නයනා දිල්රුක්ෂි තලවත්තගේ ගුරුතුමිය

01. සඳැස්මත් සහ ගීමත්


සදැස්මත් හෙවත් දිසිමත් සහ ගීමත් හෙවත් ගැයි මත් හඳුනා ගැනීමට ප්‍රථම අපි මාත්‍රා , ලඝු , ගුරු , ප්ලුත පිළිබඳ පැරණි මතකයන් අලුත් කරගනිමු. 

මාත්‍රා

සංගීතයේදී කාලය මනින කුඩාම ඒකකය මාත්‍රා නම් වේ. 


ලඝු මාත්‍රා 

අ, ල , ක වැනි කෙටි අකුරක් හෙවත් ලඝු අකුරක් ශබ්දකිරීමට ගත වන කාලය ලඝු මාත්‍රාවකි.


ගුරු මාත්‍රා 

ආ, ලා , කා වැනි දීර්ඝ අකුරක් හෙවත් ගුරු අකුරක් ශබ්ද කිරීමට ගත වන කාලය ගුරු මාත්‍රාවකි.


ප්ලුත මාත්‍රා 

හාල් , බාල් , පාන් වැනි ගුරු අකුරක් සමග යෙදෙන හල් අකුරක් හෙවත් ප්ලුත අකුරක් ශබ්ද කිරීමට ගත වන කාලය ප්ලුත මාත්‍රාවකි .


දැන් අපි මේ දෙස බලමු , 

පාඩමට යොමු වෙමු.මෙම මාත්‍රා ගණනය කරන ආකාරය බලන්න.

බුද්ධං සරණේ සිරස දරාගෙන - මාත්‍රා 16 

බු ද් ධ / o ස ර / ණේ s s / s s s/ සි ර ස / ද රා s / ගෙ න s / s s s / - මාත්‍රා 24 


පළමු ගී පාදයේ මාත්‍රා ගණන 16 ලෙස සඳහන් කර ඇත්තේ එහි ලඝු ගුරු මාත්‍රා වල එකතුව බව ඔබට පෙනෙන්නට ඇත.

බු ද් ධ o ස ර සි ර ස ද ගෙ න - ලඝු අකුරු 12 එනම් මාත්‍රා 12 වේ.  ණේ , රා - ගුරු අකුරු 2 එනම් මාත්‍රා 4 කි. සම්පූර්ණ මාත්‍රා 16


දෙවන ගී පාදයේ මාත්‍රා 24 ලෙස ද්‍ක්වා ඇත්තේ එය ගායනයේදී එන පද  ප්‍රස්ථාරයේ මාත්‍රා ගණන බවද පෙනෙන්නට ඇති. තවත් අවස්ථාවක් බලමු 

දොයි දොයි දොයි දොයිය බබෝ

මෙම ගී පාදයේ

දො යි දො යි දො යි දො යි - ලඝු අකුරු 10 එනම් මාත්‍රා 10 කි.

බෝ - ගුරු අකුරු 1 එනම් මාත්‍රා 2 සම්පූර්ණ මාත්‍රා 12 කි.

දො යි දො යි / දො යි s s / දො යි ය බ / බෝ s ss s / මාත්‍රා 16


ඉහත අවස්ථා දෙකෙහි දීම ගී පද වල මාත්‍රා ගණනය කිරීම ආකා දෙකකින් සිදු කර ඇති බව ඔබ දැක ගන්නට ඇති.

අපි එම ආකාර දෙක සඳැස්මත් හා ගී මත් වශයෙන් හඳුනාගනිමු. 


සඳැස්මත් ( දිසි මත් ) යනු 

ගී පදයක් ලියා දැක්වීමේ දී එහි ප‍ෙනෙන්නට ඇති ලඝු , ගුරු මාත්‍රාවන්හි එකතුවයි. 


ගී මත් යනු

පැදියක් ගැයීමේදී හෝ වැයීමේදී ලැබෙන මාත්‍රා ගණනයි.

තව දුරටත් ..... 

• ගී මත් සහ සඳැස්මත් ගණන සෑම විටම සමාන නොවේ.

• ගී මත් සහ සඳැස්මත් ගණන සෑමවිටම අසමාන ද නොවේ.

• පැදියක විරිත නම් කරනු ලබන්නේ එහි ගී මත් ගණන අනුවයි. 

• ගී පාදයේ ප්‍රස්ථාරකරණයේ දී සඳැස්මත් හා ගී මත් පිළිබඳ අවබෝධය ඉතා වැද්‍ගත්  වේ.


දැන් ඔබ ලත් අවබෝධය කොපමණ දැයි බලමු. දී ඇති ගී පාද දෙස හොඳින් බලන්න , ඒවා ඇසුරින් පැණ විසඳන්න.


01.   රැගත් සුරා පිරූ විතින්  

        හා හා හරි හාවා 

        නිල් අහස් තලේ අගේ  

        උදයට පායන හිරු දෙවියන්ටයි 

        මේ කොතනින් ගෙනා ගොනා 

        සිටිති පෙළින් පෙළ රන් තරු විලසට 

        ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේ සේ

        සඳැස්මත් ගණන 12 ක් වන ගී පද තෝරන්න.


02 - - - / - - - / - s s / ss s s / - - - / - - s / - s s / s s s / මේ පද ප්‍රස්ථාරයට ගැළපෙන ගී පදය තෝරා ප්‍රස්ථාරයේ හිස් තැන් පුරවන්නෙ.

03 සඳැස්මත් හා ගී මත් ගණන එක සමාන වන හා සමාන නොවන ගී පද  කාණ්ඩ  කරන්න 

04 ලිඛිත ගී පද වල ලඝු ගුරු අක්ෂර ගායනයේදී හා ප්‍රස්ථාරකරණයේ දී වෙනස් වන අවස්ථා පැහැදිලි කරන ගී පද මොනවාද.?




02. යති







Post a Comment

0 Comments